ජීවිතය noදැනීම හා ඒත්තු යාම
අම්ම මට කතා කළේ තලපු කොස් ඇට පහ හයක පොතු ගලවන්න කියල . මගේ අම්මෝ වේලුන එවුන් වගේ නෙවේ මුන් . මාර කට්ටයි . පොත්තයි කට්ටයි නිකන් අලුත බැඳපු ජෝඩුව වගේ . ඉතින් මමත් ගොඩක් වැඩ දාල පොතු ගොඩ ලස්සනට ගොඩ ගහන ගමන් පැත්තක තියෙන මදුලු භාජනේටම නිරුවත් කරපු කොස් ඇට්ටරයන්ව දැම්ම .
වැඩේ ඉවර වෙලා ලිපට ටිකක් පිඹින්න කියල අම්ම කියල ඒකටත් එන්ටර් වෙද්දී තමයි දැනුනේ අම්ම මඩුලු ගලවද්දී මොන තරම් කොහෙල්ල එක්ක ෆයිට් කරන්න ඇත්ද ? නිකන්වත් කොන්ඩේ මුනට ආවනං , මුණ කැසුවනං , කන්නාඩිය ගැලවෙන්න ගියානං ඒ තියා මමත් ලඟ පාතක නොහිටියනං .........
අනික ඒ ලිපේ රස්නෙට මට නිකන් යාපනේ මතක වුනා . අම්ම අපි හින්ද මුළු දවසම ඕක අස්සේ ඉඳගෙන මොන තරං ගිනි කන්න ඇත්ද ? තවදුරටත් කනවා ඇත්ද ? දොස්තරලා අම්මගේ ලේ අඩුයි කියල කියන්නේ ඇයි කියල තේරෙන්න මීට වඩා නිදර්ශන ඕනේ නෑ .

Comments
Post a Comment