සිහි බුද්ධියෙන් සිතා බැලීමට කාලයයි !

 අවුරුදු 20 ක් ජීවත් උනාටත් පස්සේ තව මොන චූටි වැඩද ? අනාගතේ මග බලාගෙන ඉන්නවා අපෙන් වැඩ ගන්න . මම  මෙහෙ තාමත් ගෙදර හුරතල් වෙනවා . දහසකුත් 1 වැඩ අස්සේ ඉදිරි ගමන තීරණය කරන්න ඔන්න ඉතින් මමත් පටන් ගත්ත . අද වෙනකන් කෝලං පොඩි පොඩි කළා තමයි . ඒත් චාටර් වැඩ නං ඒ අස්සේ නැති බව මගේ හර්ද සාස්සිය හොඳාකාරවම දන්නව ඕං.





ඒ වගේම පොඩි කික් 1 කටත් 1 මං හදාගත්ත සම්බන්දයක් [RELATIONSHIP). කවදාහරි මට සෙට් වෙන ඒ කෙනත් 1 , මමවත් දන්නේ නෑ ඒ කව්ද කියල :D .නමුත් ඔහොම ඔහොම ගිහින් ඒකත් කවදාහරි දවසක හෙමිහිට වෙනවනේ . ඉතින් එදාට මටත් ඔන්න ඉතින් එළකිරි වගේ ඉන්න අවශ්‍ය වෙනවනේ . ඒකට ඉතින් මේ පන්චස්කන්දෙට අනං මනං මොනවා හරිත් ඕන වෙනවනේ . ඒවාට මුදලුත් අවස්ස වෙනවනේ . ඒකට ඉතින් හොඳ රැකියාවක් ........





ඔව් ඔව් මං ඒ දේවල් අමාරුවෙන් මහන්සි වෙලා එකතු කරගන්නවා . විසේකාර අරුමැත්තෙක් විදියට දඟලපු ජීවිතේට පොඩි කොමාවක් තියෙල පටාන් ගන්නයි කියලයි මේ  .





මං හිතනවා මට හැමදේටම ඉන්න මගේ දෙමව්පියොයි   සහෝදරයෝ 2 යි මගේ  සිසුයි මා 1 තරහ නොවේවි කියල මම RELATIONSHIP 1ක් ගැන මේකේ දැම්මයි කියල .මගේ ජීවිතේම  ඔයාල තමයි . ඒත් පොඩි කික් 1 ක් එනවනේ එහෙම හිතුවම  දැම්මම  ....





දැන් ඉතින් මට මග ඇරුනු වැඩ ටිකක් තියෙනව මෝටරේ දාල ඩබල් එකේ කරගෙන යන්න . මට මලකඩ හලලා ටිකක් පන වැදිලා එන්න ටිකක් කල් යාවි . සුද්ද කරන්න වෙන තත්වෙටම පතබෑවීලා තියෙන්නේ .





ඉතින් මගේ ආදරණීය යාලුවනේ මට ටිකක් දුකින් උනත් කියන්න වෙනවා , මට ඔයාලව තව ටික කාලෙකට දකින්න එන්න වෙන්නේ නෑ . මොකද මම සයිඩ් ගහපු කාලේ ගොඩක් ලං වුන කෙනෙක්ව මට ටිකක් ඈත කරන්න වෙනවා . මගේ මැෂිනිකා . කොම්පීතරේ ...... මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේකෙන් . සමහර වෙලාවට කාලේ කෑවා මාර පට්ට විදියට :ච





ඉතින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම අද 04.08.2012 මේ සුන්දර හමුවට කොමාවක් අමුණනවා . සාර්ථක කතාවක් 1 අනිවාර්යෙන්ම මම නැවතත් එනවා අනිවාර්යෙන්ම ඔයාල හැමෝවම බලන්න ................


ඔක්කොටම ජයවේවා ! [මටත් එක්ක ) සාර්ථක අනාගතයක් වේවා !

Comments

Popular Posts