යතාර්ථය හෙලිකිරීම පිළිබඳව තිගැස්සීම


උසස් නිර්මාණයක ලිංගිකත්වය අනාවරණය වන විට එය , “වැඩිහිටියන්ට පමණක්” සුදුසු ජරාවකි. නමුත් ඒ ලංකාවටය. එම නිර්මාණය දිනා ඇති හෝ නිර්දේශ වී ඇති සම්මාන සංඛ්‍යාව  (  )  (  )  (  ) ....... අති මහත්ය.

කිසිම දිනක උසස් නිර්මාණයක මත්ද්‍රව්‍ය භාවිතය එම චරිත වල ස්වභාවය වන රළු හෝ ඉතා සියුම් බව මෙන්ම එම චරිතය එම මොහොතේ අත් විඳින යතාව ප්‍රේක්ෂකයාට දිස් වන්නට ඉඩ හරිනවා මිස , ඉඩ හැරියා මිස මේ වන තුරු මා හට මත්පැන් බීමට හෝ මත්ද්‍රව්‍ය පරීකෂා කිරීමටවත් ආශාවක් ඇති කර නැත.

මොවුන් මේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද , නිර්මාණ රස විඳීමේ සාපේක්ෂ සංජානනය කොතරම්ද යන්න ප්‍රශ්නයකි. වියදම් කිරීමට මුදල් ඇති බව නම් පෙනේ.............

ඇතැම් විට මොවුන් කිරි දෙන මවක් සිටිනා දර්ශන පවතින නිර්මාණයක් මතකයේ තබාගෙන , අනතුරුව මෙවන් කාලය කන , මුදල් නාස්ති වන බොරු වැඩ කිරීමට ලැබෙන නිදහස්  “ කාලය මැරීමේ “ කාලයේදී එයින් ස්වයං රමණයක් ලබනවා වැනි පහත් තත්ත්වයකට පත් වනවා ඇති .....


මන්ද සොරා සිතන්නේ සොර නාමයෙනි .
උසස් නිරමාණකරුවන් තමන්ගේ දහසකුත් අපහසුතා මැද “ කවුරුන් හෝ මෙය දැකීමෙන් ජීවිත මාර්ගය වෙනස් කරගනීවි යන පහන් සිතුවිල්ලෙන් යුතුව “ සිතන ආකාරයටම ,
ඒ සඳහා කකියන , කසන බාල නිර්මාණකරුවන් උත්සාහ කරන්නේ මගුලක් කතා කර වටිනා කාලය විනාශ කිරීමටය.
මේ වනතුරු මෙහි ඇති උසස් වෙනස / රසවින්දනය රසවින්දා මිස ගෙවල් ළඟ තිබෙන බාර් එකෙන් බියර් කෑන් 1ක් ගෙනවිත් බීමට තියා මෙවැනි මොනම පහත් ආශාවක්වත් මතු වුයේ නැත.




මෙයත් “ ....... දියණියන්ට”  වුවා වැනි පොඩි කකියෑමකි. කලින් පැමිණි “                 ඔෂින් “ ඉතා උසස් හා සුන්දර නිර්මාණයක් හා නැවත නැවත පෙන්විය හැකි මට්ටමේ කතාංගයක් විය. බොහෝ දෙනා ආශාවෙන් වැලඳ ගත්තේය.

                                                   
 එවැනිම නිර්මාණයක් වන “ දියණියන්ගේ කතාව “ ජරාවකි .
                                                   

හ්ම්ම් හාකො .......
 




ඇත්ත තත්ත්වයට ලම්භකව ගමන් කරන  “ ආටෝප “ අද නොව කිසිම දිනක යතාවට අඩුවක් හෝ වැඩියක් කරන්නට සමත් නොවේවි !



Comments

Popular Posts