අපි කවුද ?
මචන් බැලුවද ?
මා කිසි දිනක ඔබ නොවේ . මා හට මා ගැන කියාගෙන උඩ යාමටවත් , ඔබ ගේ අඩු පාඩු කියා ඔබ පහත් කිරීමටවත් හැකියාවක් නැත . එය සෑමවිටම වැරදි සහගතය . නමුත් මෙහිදී ,
ඇතැමුන් ප්‍රකාශ කරනා ආකාරයට , ඇත්තේ හුදු බකචැම්පෝ ක්‍රියාවලියක් පමණකි . කැළණි පන්සල් ගියේ නම් ,
මල් තිබිය යුතුය .
පන්සලේ පින්තූර තිබිය යුතුය .
වැඳගෙන සිටිය යුතුය .
බල්ලෝ නොසිටිය යුතුය .
හරි , මමත් ඔයාලගේ ඔලුවෙන් පන්සල් ගියා නං .
ඔයාලගේ 18-445 වගේ ලෙන්ස් වලින් 4ටෝස් ගත්ත නං හරියටම හරි.
දැන් කියන්නම් .........
අංශක 180 ක් බලන්න පුළුවන් තමයි , ඒත් ඔය 180 ට පෙනෙන ලස්සන යුවතිය පසු පස්සේ හඹා යන ඔය අයගේ ඉතිරි 180 න් (පිටිපස්සෙන්) ඔබ පිටුපසින් එන සොඳුරු යුවතියව දැනෙනවද කියල මම දන්නේ නෑ .
01.මම ගත්ත හැම 4ටෝ එකම මෙතැන දාන්න ඕනෙමද ?
මට නං තියෙනවා හීනයක් . කවදාහරි මගෙ පින්තුරත් තරග වල බිත්ති වල ඉඳගෙන කතා කරාවි කියල . ඉතින් ඒවාට දාන්න තියෙන මට හොඳයි කියන ඒවත් මම මෙතන දාන්න ඕනද ?
අනික මගෙන අහල මේකේ මොකක්ද තියෙන්නේ කියල , ඊට පස්සේ කියන කතා දිහා බලද්දී ..........
ඇයි මේ ලෝකේ තියෙන හැම දේ ගැනම මිම්මක් හොයන්නේ ? ඕකට මහා ලොකු කතිකා මොකටද ?
අවසානයේදී මේ විදියට හොඳ මාතෘකාවක් එලියට ගෙනාව හැමෝටම ස්තුති !
01. මොකද මගේ තියෙන අවස්තාවාදී ගොන් කමට , මමත් මේ වගේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න ගියොත් මම පැහැදිලිවම උම්බෑ කිව්වා වෙනවනේ .
02. තව ගෙඩි හැදෙන්න කියල අතු ටිකක් පාහල දැම්මම , තව ගෙඩි අල්ලයි . එතකොට ඕන තරම් කට්ටිය වහයිනේ .
මිනිසෙකු ගේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය සඳහා ඔහුගේ වටපිටාව බලපාන බව පැහැදිලිය . ඉන් අනතුරුව සිදුවන අන්තර් පුද්ගල සබඳතාවයන් වලදී ඔහුගේ චර්යා රටා සඳහා ඉහත කියූ පාරසරික තත්ත්ව බලපා ඇති බව වටහා ගත හැකිය .
ඉතින් දෙයියනේ හොඳට කියවන්න | කලා නිර්මාණ රස විඳින්න | පුලුවන් තරමට උපයන්න | හොඳ පවුල් තත්වයකට යන්න | බිරිඳට තමා ළඟ රැඳෙන්න පුළුවන් විදියට හැසිරෙන්න |
ඔක්කොටම ජයවෙන්න වේවා !
මතක තියාගන්න අපි මැරෙන මිනිස්සු .


Comments
Post a Comment