උඹ ගැන නං ගොඩාක් විස්තර දන්නේ නෑ . දැනගන්න ලැබුන ඒවත් කාට පක්ෂද කියන එක හරියටම නොදැන නිගමන වලට එන්නත් අමාරුයි .
ඒත් දැන් දැන් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කන කොකා ටිකක් වැඩිපුර අඬලන්න ට්‍රයි කරනවද කියල නං සැකයක් ඇති වේගන එනවා .

 
උඹලා මුහුණ දුන්නයි කියන ගැටලුත් එක්ක උඹලගේ ආකල්ප , සිතිවිලි කොහොම වෙනස් වුනාද දන්නේ නෑ . දෙපිලක් මේ වෙද්දී මේ ගැන කතා කියන්නත් , බොහෝ පිරිසක් ඒ කතා අහන්නත් පටන් අරගෙනත් දැන් නං ඉවරත් වේගනයි වගේ යන්නේ .
 
" කඩේ කට්ටිය මේක පරණ සැපේ ප්‍රතිඵලයක් කියන්න පටන් අරගෙන තියෙද්දී , වලේ කට්ටිය මේක රට හදන තැනේ උන්ගේ මගඩියක එලි වීමක් කියල කියනවා . "
 
කොහොම වුනත් උඹල සුකුමාල ඩයල් වෙන්න ඇති කියල නං හිතන්න අමාරුයි . පට්ට ගේමක් ගහල AAA වගේ ගෙන වාසිටියට රිංගන 1 , බෙල්ලට වැලක් දාගෙන අවසන් ගමන් යන එක . ( උඹ මැරුණේ ........ කොයි පැත්ත බලාගෙනද කියන එක නං ........... වැඩක් නෑ )
 
අද උඹේ දෙමව්පියන්ට මාර සතුටු ඇති අරගලය වෙනුවෙන් මගේ... එකා දිවි පිදුව කියල . ඒත් වැඩක් තියේද ඒ මනුස්සයො විඳපු දුක් වලට , අනික උඹේ සහෝදර සහෝදරියෝ ........ රටේම එවුන් (බහුතරය) කියන්න පටන් ගන්නවා , උඹ අරගලයට බයේ පැනල ගිය පරඬලයක් කියල . එතකොට ?
 
පොඩි හරි දුකක් තියෙන්නේ , අපේ රටේ උසස් පෙළ ඉහලින් පාස් වෙලා ඔය වගේ තැනකට යන එකෙක්ව , එකියෙක්ව මනස විකුර්ති කරල යාව් කරලා දානවනං ,
 
1 . මීට වඩා සමාජීය දැනුම තියෙන්න ඕන . පොත නැති වූනොත් මහපොළොවේ හිටගන්න හයිය දෙන්න ඕන .
2. වැරැද්දට විරුද්ධව කට වහගෙන ඉන්න කියල දෙන්න ඕන .

 


මොක උනත් දැන් ත්‍රිමාලගේ සෙට් එකට උඹවත් දාන්නයි මම යන්නේ . මොකද උඹ හින්ද අනිත් වුන් මේ නැති කරන්න යන නිදහස් අධ්‍යාපනය රැක ගන්න පෙළ ගැසේවි !
මෙහෙම කරගෙන ගිහින් , දුප්පත් දරුවන්ගේ අයිතිය ට කෙලවන වූන්ට තේරුම් කරාවි .

 
අනාගතේ ඔය ලොකු පුටු වලට එන්නෙත් අද මෙතන ඉන්න අපිම තමා . ඉතින් අපිත් ඔතනට ගියාම හැකි තරම් ................. වැඩක් නෑ .
 
විජය කුමාරතුන්ගල බිහිවේවා ! ........කාල + වෙලා උන්වත් වලටම යවන එකට විරුද්ධව නැගී හිටපල්ලා !
 
P.S. - අමතක වුනා මචන් , උඹව තව ටික දවසකින් අමතක වෙලා මේ ආව හයියත් අමතක වෙලා යයි . පොර්ට් නගර ආතල් අස්සෙ කොහෙද බන් උඹව මතක හිටින්නේ . ඒ හින්ද උඹත් රවි අයියව හම්බ වෙයන් . ඔය ලඟ පාතම ඇති . ඔය පැත්තෙම තව ටිකක් ඉඳල පුළුවන් නං වැරදි වැඩ කරල උඹල වගේ ඉගෙන ගන්න එන උන්ට අරින්න එන වුන්ට යමක් දීපල්ලා .
 
ජය !

Comments

Popular Posts